ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික විශේෂඥතාවයෙන් සංවර්ධනය කරන ලද මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද (19) පස්වරු 2:15 ට කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා.
BIRDS-X DRAGONFLY ලෙස නම් කරන ලද මෙම චන්ද්‍රිකාව අගෝස්තු 24 වන දින දියත් කරන ලද නාසා හි SPX-33 රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර තිබුණා.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය, ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) සහ ඩිජිටල් ගුවන් විදුලි සන්නිවේදන ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී තිබෙනවා.
මීට පෙර 2019 වසරේ දී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව වන රාවන් 01 සහ 2022 වර්ෂයේදී ජාත්‍යන්තර සහභාගීත්ව තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියකින් නිර්මාණය කළ කිට් සුනේ චන්ද්‍රිකාවත් අභ්‍යවකාශ ගත කෙරුණා.
මෙම යෙදවීම ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ පර්යේෂණ හා තාක්‍ෂණයේ වර්ධනය වන පැවැත්මේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.



