මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික විශේෂඥතාවයෙන් සංවර්ධනය කරන ලද මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද (19) පස්වරු 2:15 ට කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා.

BIRDS-X DRAGONFLY ලෙස නම් කරන ලද මෙම චන්ද්‍රිකාව අගෝස්තු 24 වන දින දියත් කරන ලද නාසා හි SPX-33 රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය, ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) සහ ඩිජිටල් ගුවන් විදුලි සන්නිවේදන ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී තිබෙනවා.

මීට පෙර 2019 වසරේ දී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව වන රාවන් 01 සහ 2022 වර්ෂයේදී ජාත්‍යන්තර සහභාගීත්ව තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියකින් නිර්මාණය කළ කිට් සුනේ චන්ද්‍රිකාවත් අභ්‍යවකාශ ගත කෙරුණා.

මෙම යෙදවීම ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ පර්යේෂණ හා තාක්‍ෂණයේ වර්ධනය වන පැවැත්මේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41