logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මෙරට ගැහුණු දරුවන්ගේ බර ගැන බ්‍රිතාන්‍යයේ සඟරාවකින් විශේෂ අනාවරණයක්

අඩු බරැති ගැහැණු දරුවන් වැඩියෙන්ම සිටින ලොව දෙවන රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙය අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්න්‍යයේ ද ලැන්සෙට් සඟරාව ලොව පුරා රටවල් 199 ක මිලියන 220 ක් දරුවන් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයකට අනුවයි.

අදාළ වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු 05 – 19 අතර පාසල් වයසේ පසුවන ගැහැණු දරුවන් අතර පවතින මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් අඩු බරැති දරුවන් හාරලක්ෂ දස දහසක් ( 410,000 ) ක් සිටින බවද මෙමගින් හෙළිව තිබෙනවා.

සමස්ත පාසල් දරුවන්ගෙන් අටලක්ෂ හැටදහසක් ( 860,000 ) ක් අඩු බරින් යුක්ත බවද අදාළ වාර්තාවේ සදහන්.

මෙලෙස අඩු බරැති ගැහැණු දරුවන් වැඩි වශයෙන් සිටින පළාත් ලෙස බස්නාහිර,උතුරු මැද, උතුර, නැගෙනහිර, වයඹ මෙන්ම මධ්යම පළාතේ වතුකරයත් හදුහදුනාගෙන තිබෙනවා.

වර්තමානයේ රජය ක්‍රියාත්මක කර ඇති පෝෂණ වැඩසටහන ප්‍රමාණාත්මක නොමැති බැවින් එය පුළුල් කළ යුතු බවයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?