මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

ක්‍රීඩා සංගම් සහ සම්මේල 03ක ලියාපදිංචිය අහෝසි කිරීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඊයේ (25) ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මළල ක්‍රීඩා, මේස පන්දු සහ ජිම්නාස්ටික් යන ක්‍රීඩාවන් 03 ට අදාළව 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ සංශෝධිත 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගත් බව එම ගැසට් පත්‍රයේ සඳහන්.

එම ක්‍රීඩා තුනට අදාළ ක්‍රීඩා සංගම් සහ සම්මේලයන්හි පරිපාලන කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට සහ අදාළ සංගම්හි නිලවරණ පැවැත්වෙන තෙක් මෙම තීරණය බල පැවැත්වෙනවා.

ඒ අනුව අදාළ ක්‍රීඩා සංගම්වල කාර්යයන් සඳහා බලයලත් නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?