මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

ක්‍රීඩා සංගම් සහ සම්මේල 03ක ලියාපදිංචිය අහෝසි කිරීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඊයේ (25) ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මළල ක්‍රීඩා, මේස පන්දු සහ ජිම්නාස්ටික් යන ක්‍රීඩාවන් 03 ට අදාළව 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ සංශෝධිත 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගත් බව එම ගැසට් පත්‍රයේ සඳහන්.

එම ක්‍රීඩා තුනට අදාළ ක්‍රීඩා සංගම් සහ සම්මේලයන්හි පරිපාලන කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට සහ අදාළ සංගම්හි නිලවරණ පැවැත්වෙන තෙක් මෙම තීරණය බල පැවැත්වෙනවා.

ඒ අනුව අදාළ ක්‍රීඩා සංගම්වල කාර්යයන් සඳහා බලයලත් නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21