මෙරට ආයෝජන ප්‍රමුඛතා අධ්‍යයනයට ආ ජපාන දූත පිරිසක් ජනපති ලේකම් හමුවෙයි

ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැත් වුණා.

ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජපන් දූත පිරිස පැමිණ තිබෙනවා.

මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ, වෙළෙඳ ප්‍රතිපත්ති කාර්යාංශයේ නිරිතදිග ආසියානු කාර්යාලයේ අධ්‍යක්ෂ තොෂියුකි ෂිමානො (Toshiyuki Shimano), එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හිරෝමි සුමි (Hiromi Sumi), ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු කලාපීය නියෝජිත ටොයොකසු නගමුනෙ (Toyokazu Nagamune) ඇතුළු ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජිතයෝ, ජපන් වෙළෙඳ, වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයෝ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08