වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ජනපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා පොරොන්දු වී ඇති රුපියල් 1,750 ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙම වසර ඇතුළත අදාළ හිමිකම ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබාදීමේ වැඩසටහනට බණ්ඩාරවෙල දී අද (12) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“තමන්ගේ ජීවිතය සාධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා සාධාරණ වැටුපක් ලබාදිය යුතුයි. දිගු කාලයක සිට දවසකට රුපියල් 1750ක වැටුපක ඉල්ලීමක් මෙම වත්තේ වැඩකරන ප්‍රජාව ඉල්ලමින් තිබෙනවා. අප කුමන ආකාරයකින් හෝ මෙම වසර ඇතුළත එම හිමිකම ලබාදීමට කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?