මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

මෙම වසරේ දිස්වන අවසාන චන්ද්‍රග්‍රහණය අද (28) දිනයේ දැකබලා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මෙය ශ්‍රී ලංකාවට දිස්වන බවයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය මෙරට වේලාවෙන් රාත්‍රී 11.32ට ආරම්භවන අතර, හෙට (29) අලුයම 3.56 දක්වා මෙය දැකගැනීමට හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව. යුරෝපය, අප්‍රිකාව, ආසියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ලෝකයේ ප්‍රදේශවලට මෙය දිස්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
10
+1
9
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?