“මෙන්න හොරු” යැයි කියූ නිසා ගාල්ල මහ නගර සභාවේ කාලගෝට්ටියක්

ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති වරුන් දෙදෙනෙකු අතර අද (28) පැවති මහ නගර සභා රැස්වීමේදී රැස්වීමේ දී  ඇති වූ කතා බහක් දුර දිගයාමෙන් නගර සභා රැස්වීමේ දැඩි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වුණා.

ගාල්ල මහ නගර සභාව එහි වත්මන් නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහ නගර සභා රැස්වීම් ශාලාවේ දී අද (28) පරවරු 10. 30 ට රැස්වුණා.

මෙම අවස්ථාවේදී සභාවට සභාවේ ගොඩනැගිලි හා දේපල ආරක්ෂා කරගත යුතු බවට ගෙන එනු ලැබූ යෝජනාවක්  විවාදයට ගනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ  ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම වත්මන්  මන්ත්‍රීවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා කරුණු දක්වමින් කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කර තිබූ තොරතුරු කිහිපයක් උපුටා දක්වමිනි නගර සභාවට අයත් දේපල රැසක් විවිධ පුද්ගලයින් අල්ලාගෙන සිටින බව සඳහන් කර සිටියා.

එහිදී නියෝජ්‍ය නගරාධිපති පවුසුල් නියාස්  මහතා පවසා සිටියේ කාරක කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කොට ඇති කාරණා මෙහි කියවීම සුදුසු නොවන බවයි.

මේ සමඟම හිටපු නගරාධිපතිවරයකු වන කැලුම් සෙනවිරත්න මහතා මෙත්සිරි ද සිල්වා මහතා දක්වන ලැබූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට යාමේදී දෙදෙනා අතර උණුසුම්කාරී කතාබහක් නිර්මාණය වුණා.

එම අවස්ථාවේදී මෙත්සිරි ද සිල්වා මහතා “මෙන්න හොරු” යැයි පවසමින් අදහස් දැක්වීමත් සමඟ කැලුම් සෙනෙවිරත්න මහතා එයට ප්‍රතිචාර දැක්වීමට යාමේදී මෙම තත්ත්වය ඇතිවුණා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කරගැනීමට වත්මන් නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පියවර ගත් අතර පසුව සභාවේ සාමාන්‍ය කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36