AFC Banner
Empty Ad
Empty Ad

මෙන්න ගෑස් ගැන සුබ පුවතක්

මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා අදාළ මුදල් ගෙවීම ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ගෑස් තොග රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ දින 03 ක් නැංගුරම්ලා තිබුණා. ඊට හේතුව වූයේ එම ගෑස් තොගය මුදා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීමයි. ඒ අනුව ප්‍රමාද වූ දින 03 සඳහා එක් දිනකට අමෙරිකානු ඩොලර් 15,000 බැඟින් ඩොලර් 45,000 ක් ප්‍රමාද ගාස්තු වශයෙන් අදාළ නෞකාවට ගෙවීමට සිදුවන බවයි වාර්තා වුණේ.

අද දිනය තුලදී සිය බෙදා හැරීමේ කටයුතු ලිට්රෝ සමාගම විසින් සිය ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි එම සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?