මෙන්ඩිස්ගේ තීරණයට පැතුම් හා කුසල්ගෙන් සතුටුදායක පිළිතුරක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවැත්වෙන තරගයේ දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා විශිෂ්ට අර්ධ ශතක ද්විත්වයකින් සිය ලකුණු පුවරුව වර්ණවත් කරන්නට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පැතුම් මෙවර ලබාගත්තේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 11 වැනි අර්ධ ශතකයයි.

පැතුම්ට මෙම ලකුණු 50 රැස් කිරීමට පන්දු 58ක් වැය වුණා.

දැවැන්ත හතරේ පහර 06කින් මෙම අර්ධ ශතකය වර්ණවත් වීම ද විශේෂත්වයක්.

කුසල් සිය 16 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරගත්තේ පන්දු 57කට මුහුණදෙමින්.

ඊට ඇතුළත් වුණ හතරේ පහර ගණන 08ක්.

අද තරගය පස්වරු 02ට ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය හිම්වූයේ නායක කුසල් මෙන්ඩිස් හට යි.

ඒ අනුව මෙන්ඩිස් තීරණය කළේ පළමු ව පිතිකරණය තෝරා ගැනීමටයි.

ඊට පිළිතුරක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් සමග කුසල් පෙරේරා එක් වූයේ.

පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගොඩනැගී ඇති සබඳතාව ලකුණු 114ක්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 114ක් ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?