මෙන්ඩිස්ගේ තීරණයට පැතුම් හා කුසල්ගෙන් සතුටුදායක පිළිතුරක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවැත්වෙන තරගයේ දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා විශිෂ්ට අර්ධ ශතක ද්විත්වයකින් සිය ලකුණු පුවරුව වර්ණවත් කරන්නට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පැතුම් මෙවර ලබාගත්තේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 11 වැනි අර්ධ ශතකයයි.

පැතුම්ට මෙම ලකුණු 50 රැස් කිරීමට පන්දු 58ක් වැය වුණා.

දැවැන්ත හතරේ පහර 06කින් මෙම අර්ධ ශතකය වර්ණවත් වීම ද විශේෂත්වයක්.

කුසල් සිය 16 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරගත්තේ පන්දු 57කට මුහුණදෙමින්.

ඊට ඇතුළත් වුණ හතරේ පහර ගණන 08ක්.

අද තරගය පස්වරු 02ට ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය හිම්වූයේ නායක කුසල් මෙන්ඩිස් හට යි.

ඒ අනුව මෙන්ඩිස් තීරණය කළේ පළමු ව පිතිකරණය තෝරා ගැනීමටයි.

ඊට පිළිතුරක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් සමග කුසල් පෙරේරා එක් වූයේ.

පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගොඩනැගී ඇති සබඳතාව ලකුණු 114ක්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 114ක් ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08