AFC Banner
AFC Banner
Empty Ad

මෙන්ඩිස්ගේ ඇමරිකානු වීසා ඉදිරි දින දෙක තුළ

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් නම්කර සිටින කුසල් මෙන්ඩිස්ට ඇමරිකානු වීසා තවමත් ලැබී නැහැ.

මේ සම්බන්ධයෙන් අද (17) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේපවීමක් සිදුව නොමැති බවයි.

ඒ, සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවද ඔහු මෙහි දී සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ඉදිරි දින හෝ දෙක තුළ කුසල් මෙන්ඩිස්ගේ ගැටළුව විසඳී ඔහුගේ වීසා ලැබෙනු ඇති බවයි.

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අදාළ වීසා කටයුතු වෙනුවෙන් මෙන්ඩිස්ගෙන් අමතර තොරතුරු කිහිපයක් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?