මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ මාසයක් තුළ ක්‍රියාත්මක කිරීමට කාරක සභාවෙන් සැර නියෝගයක්

පාර්ලිමේන්තු කාරක සභාවලින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ එම කාරක සභාව ඊයේ (09) එහි සභාපති අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබා දී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබා දුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය වුණා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF), යන කාරක සභාවලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට
කාරක සභාව විසින් තීරණය කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29