මූලික අයිතීන් කඩවුණු කැසිනෝ ව්‍යාපාරයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමි වන ආකාරයෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැති ව බලපත්‍ර දීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් 14 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම ප්‍රිතිපද්මන් සුර සේන, අචල වෙන්ගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි සීමිත විරෝධතා ගොනු කරන ලෙස ද වගඋත්තරකරුවන්ට නියෝග කළා.

මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේපාලිකා චන්ද්‍රසේකර, ගොල්ඩන් අයිඩන් හොස්පිටැලටි සමාගම නම් කර තිබෙනවා.

පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මෙය ජනතාවට බලපාන කටයුත්තක් බැවින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි.

පසුගිය ජුලි 05 වැනිදා ගෝල්ඩන් අයිඩන් හොස්පිටැලටි සමාගමට කැසිනෝ ව්‍යාපාරයක් සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර එහිදී බලපත්‍රය ලබා ගැනීමට තැන්පත් කළ යුතු අවම මුදල වන මිලියන 500ක මුදලක් තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම එම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති රෙගුලාසිවලට පටහැනිව වන අතර බලපත්‍රය ලබා ගැනීම සඳහා ⁣ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව වන රුපියල් බිලියන 10ක මුදල මේ දක්වා ගෙවා නැති බව පෙත්සම මගින් පෙන්වා දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එමගින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවටත් තීන්දුවක් ලබාදෙන ලෙසත් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?