මූල්‍ය වංචාවක් සිදුකල පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විශේෂ විමර්ශන

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධීකාරි වරියගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ දත්ත යෙදූ වැටුප් වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනාවක ණය මුදලක් ලබා ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය

සක්‍රීය සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් ණය ලබාගන්නා රාජ්‍ය ආයතනයක් මගින් එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ණය මුදල් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබු වැටුප් වාර්තාවල යොදා තිබූ දත්ත සම්බන්ධයෙන් ඇති වූ සැකයක් හේතුවෙන් සිදු කළ මුලික සොයා බැලීමේදී එම වැටුප් වාර්තාවේ ව්‍යාජ දත්ත යෙදීමට අමතරව ගණකාධිකාරි වරයගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර තබා ව්‍යාජ අත්සනක් ද යොදා ඇති බවට අනාවරණය වී ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය

එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට පානදුර පොලිස් කොට්ඨාසයේ සේවය කරන අතර එලෙස ව්‍යාජ අයුරින් නිල මුද්‍රාව සහ අත්සන යොදා ප්‍රමාණවත් පරිදි වැටුප් ශේෂය තිබෙන බවට වැටුප් වාර්තා ඉදිරිපත්කර අවස්ථා දෙකකදී ණය මුදල් දෙකක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත

චෝදනාව එල්ල වී තිබෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට පෙරද මූල්‍ය චෝදනා ලැබූවෙක් බවත් කලකට ඉහතදී කොළඹට ආසන්න පොලිස් කොට්ඨාසයක බුද්ධි අංශයක රාජකාරි කරමින් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවකු බවත් මේ වන විට ද පොලිස් නිලධාරියකුට සුදුසු නොවන පරිදි තනතුර ආභරණයක් කර ගෙන මුදල් සහ සෙසු වරප්‍රසාද ලබා ගැනීමේ නිරත වන බවට ද දැනගන්නට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?