මුහුදු රකුසාගෙන් බේරාගෙන රෝහල් ගතකළ විදෙස් ජාතිකයා රෝහලේ දී මරුට

මුහුදේ රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටි විදෙස් ජාතිකයෙක් බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

වෙන්නප්පුව – කම්මල මුහුදු තීරයේ දී රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි ජර්මානු ජාතිකයෙක් ඊයේ (09) පස්වරුවේ බේරාගෙන මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටි එම විදෙස් ජාතිකයා අද (10) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 71ක් වන මෙම ජර්මානු ජාතිකයා ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ විවාහ වී මීගමුව – කුඩාපඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු ඊයේ (09) දින ශ්‍රී ලාංකික බිරිඳ ද සමඟ වෙන්නප්පුව – කම්මල ප්‍රදේශයට පැමිණ මුහුදු වෙරළේ නාමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මුහුදු රළට හසුව ගසා ගෙන යමින් සිටි මෙම ජර්මන් ජාතිකයාව එම ස්ථානයේ සිටි පිරිසක් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගැන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10