Update – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පීල්ලක් කැඩී යාම හේතුවෙන් බාධා එල්ල වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩී ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

මේ වන විට එය පිළිසකර කර ඇති බවයි වාර්තා වන්නේ.

රේල් පීල්ලක් කැඩී යාම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය එක් මංතිරුවකට පමණක් සීමා වූ අතර, ඒ හේතුවෙන් අද (02) පෙරවරුවේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබුණා.

Update – 2024-07-02, 9.24AM


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතිනවා.

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩී ගොස් තිබෙනවා.

ඒ, හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය එක් මංතිරුවක පමණක් සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?