කෙහෙළිය පවුලට ගොනු කර ඇති නඩුව ජනවාරි 29 යළි කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ජනවාරි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

එම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ ඉල්ලීම කරමින් මෙම නඩුවට අදාළව බැංකු ලේඛන වාර්තා මෙතෙක් විත්තිය වෙත ලබාදී නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අදාළ වාර්තා විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු වරයා අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාල නඩුව යළි ලබන 29 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අය නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56