වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ඔහුට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

මීට පෙර වනිඳු විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසු වුණා.

එමෙන්ම අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයි අතර 09 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද වනිඳුට හැකියාව ලැබී තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පළමු තැන ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තී පසුවනවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය අතර ආසියානු ක්‍රීඩකයින් පස්දෙනෙකු පසුවීම විශේෂත්වයක්.

මේ අතර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ස්ථානය දෙකක් පහළට ගොස් තිබෙනවා.

ඒ, අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහුට හිමිව ඇත්තේ හයවන ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14