මුහුණු පොතෙන් අපහාස කළ දෙදෙනා පැහැරගෙන ලී කොට මත තබා ඇණ ගසලා

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් පිළිබඳව බලගොල්ල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව, එම පුද්ගලයින් දෙදෙනාව නිවසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට එම පුද්ගලයින් දෙදෙනාව ලී මත තබා ඇණ ගසා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය ඉකුත් 25වනදා සිදුව තිබෙන අතර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී සිද්ධිය අනාවරණය කරගෙන ඇත.

පොලීසිය අනාවරණය කරගත් තොරතුරු පරිදි මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දුෂ්මන්ත නමැති 30 හැවිරිදි පුද්ගලයා අම්පිටිය සහ තවත් ප්‍රදේශයක දේවාලයක් පවත්වාගෙන යන අයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ තිදෙනා මිත්‍රයින් බවද පොලීසිය කියයි.

මෙම සිද්ධිය සඳහා දේවාලය පවත්වාගෙන ගිය පුද්ගලයාට තවත් පිරිසක් සහාය දී ඇති බවද අනාවරණය වී ඇත.

ඔවුන් මේ වනවිට අතුරුදන්ව ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයා සහ කඩුවෙල බෝමිරිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08