AFC Banner
AFC Banner
Empty Ad

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා උදෑසන ආහාරවේලක් ලබාදීමට අනුමැතිය

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාරවේල ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා.

දැනට එක් දරුවෙකු සඳහා දිනකට රුපියල් 60/-ක් ලබා දෙනු ලබන අතර, 2025 වර්ෂය තුළ දරුවන් 155,000කට පමණ ප්‍රතිලාභ ලබාදීමට මින් අපේක්ෂා කෙරෙනු ඇති.

වර්තමානයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එක් දරුවෙකු සඳහා දිනකට වෙන් කර ඇති රුපියල් 60/-ක මුදල ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල රුපියල් 100/- දක්වා වැඩි කිරීමටත්, “අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්” යන නිර්ණායකය පදනම් කරගෙන තෝරාගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල්වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?