මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන පූර්ණ පරීක්ෂණයක් සිදුකරන්න – ජනපති

මරණ තර්ජන සහ බලපෑම් ඇති බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම්දීමක් සිදු නොකර තිබීම හේතුවෙන්.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ.

මේ අතර සිය ධුරයෙන් ඉල්ලා අස් වූ මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා පසුගිය 24 වනදා විදේශගතව ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමුකර ඇත්තේ ඊට පෙර දිනයි.

විදෙස් ගතවීමට පෙර ඔහු සිය මෝටර් රථය ද විකුණා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
1
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54