මුලතිව් නායාරූ මුහුදේ දියනාමින් සිටි තරුණයෙකු මරුට

අද දහවල් මුලතිව් නායාරූ මුහුදේ දියනාමින් සිටි තරුණයෙකු මුහුදේ ගිළී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා මුහුදේ පීනමින් දිය නාමින් සිටියදී එක්වරම අතුරුදහන්වූ බවට ඇසින් දුටු පිරිසි පැවසූ බවයි. එම ස්ථානයට පැමිණි නාවික හමුදා නිලධාරීන් පිරිසක් , කිමිදුම් කණ්ඩායම් යොදවා අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වවුනියාව මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්.