මුලතිව් කුඹුරු ඉඩමකින් ටි 56 පතුරම් 4500 ක් හමුවෙයි

මුලතිව්,වලෙච්චර්මඩම ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබි ටි 56 පතුරම් 4500 ක් සහිත පතුරම් පෙට්ටි හයක් ඊයේ(27) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ අදාළ කුඹුරු ඉඩම් හිමියා විසින් කුඹුරු ඉඩමේ බිම සකස් කරන අවස්ථාවේ පතුරම් පෙට්ටි මතුව ඇති බවයි.පතුරම් පෙට්ටි මතුවීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී පතුරම් සහිත පෙට්ටි හයක් හමුවු බවද පොලිසිය පැවසීය.

සොයාගත් පතුරම් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මුලතිව් අධිකරණ නියෝග යටතේ අදාළ පතුරම් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළහ. යුධ සමයේ එල් ටි ටි සංවිධානය විසින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතුරම් තොගයක් එලෙස හමුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?