Empty Ad
AFC Banner
Empty Ad

මුම්බායි පිළේ IPL ගමන අවසන් – රෝහිත් මුම්බායි පවුලෙන් ඉවත්වෙන ලකුණු

රෝහිත් ෂර්මාගේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරීමත් සමඟ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මෙවර තරගාවලියේ දස්කම්වලට බලපෑ බව ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් පවසනවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන් පසු අදහස් දක්වමින් මාර්ක් බවුචර් මෙම අදහස් පළ කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ලකුණු 18කින් ජය ගන්නට ලක්නව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමඟ ඔවුන් 2024 අයි.පී.එල් ගමන අවසන් කරන්නට සිදු වුණේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳෙමින්.

මෙවර තරගාවලියේ මූලික වටයේ මුම්බායි පිළ සහභාගී වූ තරග 14න් තරග 10ක් ම පරාජයවීමට ඔවුන්ට සිදු වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ තරග 14 තුළ මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයින් නව නායක හර්දික් පාණ්ඩ්‍යාට එතරම් සහයෝයගක් නොදක්වන ආකාර දැකගත හැකි වුණා.

එය ඊයේ (17) වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී කැපී පෙනෙන සිදුවීමක් වුණා.

මේ අතර අයි.පී.එල් ශූරතා පහකට නායකත්වය දුන් රෝහිත්ගේ මුම්බායි ඉන්දියන්ස් සමඟ අවසන් තරගය ඊයේ බවට බොහෝ දෙනෙක් අනුමාන කරනවා.

කෙසේ වෙතත් රෝහිත් මුම්බායි කණ්ඩායමෙන් ඉවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් ඔහු තීරණයක් ගෙන නොමැති බවයි ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
3
+1
5
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>