මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය 2025ටත් පාණ්ඩ්‍යාගේ නායකත්වය ගැන විශ්වාසයකින්

2025 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තවදුරටත් නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා සතුව තබන්නට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සඳහන් කළේ පසුගිය වසරේ දී පාණ්ඩ්‍යාගේ නායකත්වය දැඩි විවේචනයකට ලක් වුණ ද, මෙවරත් තමන් පාණ්ඩ්‍යා ගැන විශ්වාසයක් තබා ඇති බවයි.

තවමත් නව ක්‍රීඩකයින් මිල දී ගැනීමට ලංසු පැවැත්වීම සිදු නොකළ ද, සෑම කණ්ඩායමක් ම තම කණ්ඩායමේ සිටි පසුගිය වසරේ ඇතැම් ක්‍රීඩකයින්ව රඳවා ගැනීම් සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ක්‍රීඩකයින් පස්දෙනෙකු තබාගෙන ඇති අතර එහිදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතර කණ්ඩායමේ දෙවැනි ස්ථානය ද හිමිව ඇත්තේ පාණ්ඩ්‍යායටයි.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 16.35ක මුදලක් හිමිව තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම මිලක් හිමිව ඇති රඳවා ගැනුණු ක්‍රීඩකයා වන්නේ ජස්ප්‍රිට් බුම්‍රා යි.

ඔහුට ඉන්දියන් රුපියල් කෝටි 18ක් හිමිව තිබෙනවා.

රෝහිත් ශර්මා, සූර්‍යකුමාර් යාදව් සහ තිලක් වර්මා ද මෙවර තවදුරටත් කණ්ඩායමේ රඳවාගත් සෙසු ක්‍රීඩකයින් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?