මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය 2025ටත් පාණ්ඩ්‍යාගේ නායකත්වය ගැන විශ්වාසයකින්

2025 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තවදුරටත් නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා සතුව තබන්නට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සඳහන් කළේ පසුගිය වසරේ දී පාණ්ඩ්‍යාගේ නායකත්වය දැඩි විවේචනයකට ලක් වුණ ද, මෙවරත් තමන් පාණ්ඩ්‍යා ගැන විශ්වාසයක් තබා ඇති බවයි.

තවමත් නව ක්‍රීඩකයින් මිල දී ගැනීමට ලංසු පැවැත්වීම සිදු නොකළ ද, සෑම කණ්ඩායමක් ම තම කණ්ඩායමේ සිටි පසුගිය වසරේ ඇතැම් ක්‍රීඩකයින්ව රඳවා ගැනීම් සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ක්‍රීඩකයින් පස්දෙනෙකු තබාගෙන ඇති අතර එහිදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතර කණ්ඩායමේ දෙවැනි ස්ථානය ද හිමිව ඇත්තේ පාණ්ඩ්‍යායටයි.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 16.35ක මුදලක් හිමිව තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම මිලක් හිමිව ඇති රඳවා ගැනුණු ක්‍රීඩකයා වන්නේ ජස්ප්‍රිට් බුම්‍රා යි.

ඔහුට ඉන්දියන් රුපියල් කෝටි 18ක් හිමිව තිබෙනවා.

රෝහිත් ශර්මා, සූර්‍යකුමාර් යාදව් සහ තිලක් වර්මා ද මෙවර තවදුරටත් කණ්ඩායමේ රඳවාගත් සෙසු ක්‍රීඩකයින් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20