මුදල් නෝට්ටු රහිත සමාජයක් සඳහා රජයේ ගෙවීම් online ක්‍රමයකට – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • අග්නි ආයෝජන ප්‍රවර්ධන අරමුදලක් “අග්නි අරමුදල” පිහිටුවීමට රුපියල් මිලියන 2500ක්.
  • අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත් ලබා දෙනවා.
  • ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර 05ක බදු සහන.
  • QR කේත වලින් රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.
  • රාජ්‍ය ආයතනවලට සිදුකරන ඩිජිටල් ගෙවීම්වල දී සේවා ගාස්තු ඉවත් කිරීමට කටයුතු කරනවා.
  • මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා.
  • පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම 2026 වසරේ මාර්තුවේ
  • ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.
  • රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ පද්ධතිය විධිමත් කරනවා.
  • ඩිජිටල් ක්ෂේත්‍රයේ ආයෝජනය වෙනුවෙන් රුපියල් මිලියන 25,500ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?