දිස්ත්‍රික්ක දොළහක මී උණ රෝගයේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.
ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොනරාගල යන ප්‍රදේශ මී උණ රෝගය පැතිරීමේ ඉහළ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
මහ කන්නය සඳහා ගොවිතැන් කටයුතු ආරම්භ වීමත් සමඟ මී උණ රෝගය පැතිරීමේ අවදානම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ පසුගිය වසර තුළ මී උණ රෝගයේ රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වී ඇති බවයි.
ගොවිතැන් කටයුතුවල නියැලී සිටින පුදගලයින්ට මී උණ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ප්‍රතිජීවක ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය උපදෙස් දෙනවා.





