මී උණ රෝග අවදානම ඉහළට

දිස්ත්‍රික්ක දොළහක මී උණ රෝගයේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.

ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොනරාගල යන ප්‍රදේශ මී උණ රෝගය පැතිරීමේ ඉහළ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මහ කන්නය සඳහා ගොවිතැන් කටයුතු ආරම්භ වීමත් සමඟ මී උණ රෝගය පැතිරීමේ අවදානම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ පසුගිය වසර තුළ මී උණ රෝගයේ රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වී ඇති බවයි.

ගොවිතැන් කටයුතුවල නියැලී සිටින පුදගලයින්ට මී උණ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ප්‍රතිජීවක ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය උපදෙස් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11