මීළඟ පාප් වහන්සේ කවුරුන් වේවිද ? – කාදිනල් මැල්කම් රංජිත්ගේ නමත් ඉදිරියෙන්

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ; පාප් තනතුර සඳහා මීළඟට තේරී පත්වන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නම ද ඉදිරියෙන් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තාකර තිබුණේ.

මෙම අනුප්‍රාප්තිකයින් පිළිබඳ සොයාබැලීමේ දී වෙෂින්ටන් එක්සැමිනර් සඟරාව වාර්තා කර තිබුණේ; පිලිපීනයේ කාදිනල් ලුයිස් ටැගල්, ප්‍රංශයේ කාදිනල් ජීන්-මාක් ඇවලීන් සහ ඉතාලියේ කාදිනල් පියෙට්‍රෝ පැරොලින් වැනි ප්‍රමුඛයින් සමඟ කාදිනල්
මැල්කම් රංජිත්ගේ නම ද ඇතුළත් බවයි.

USA Today ඇමරිකානු පුවත්පත ද මේ සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක, කාදිනල්වරුන් වන මැටියෝ සුප්පි, ගෙර්හාර්ඩ් මුලර්, රොබට් සාරා සහ රේමන්ඩ් බර්ක් ඇතුළු ගෝලීය තරඟකරුවන්ගේ ලැයිස්තුවට කාදිනල් මැල්කම් රංජිත් ද ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම වොෂින්ටන් ටයිම්ස් පුවත්පත කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සාම්ප්‍රදායික ස්ථාවරය, විශේෂයෙන් ලතින් ආගමික වතාවත් සඳහා ඔහුගේ සහයෝගය සහ සමලිංගික විවාහවලට එරෙහි වීම ඉස්මතු කරමින්, ගතානුගතික හඬවල් අතරට ඔහුව ස්ථානගත කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර වාර්තා කිහිපයක කාදිනල් මැල්කම් රංජිත් ඇතුළත් කිරීම, විශේෂයෙන් යුරෝපයෙන් පිටත නායකත්වය කෙරෙහි අවධානය යොමු වන අවස්ථාවක, කතෝලික පල්ලිය තුළ ඔහුගේ ස්ථාවරය පිළිබඳ වර්ධනය වන පිළිගැනීමක් පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත් මීළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා සමුළුව පැවැත්වෙන දිනය වතිකානය විසින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
9
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?