මීළඟ පාප් වහන්සේ කවුරුන් වේවිද ? – කාදිනල් මැල්කම් රංජිත්ගේ නමත් ඉදිරියෙන්

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ; පාප් තනතුර සඳහා මීළඟට තේරී පත්වන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නම ද ඉදිරියෙන් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තාකර තිබුණේ.

මෙම අනුප්‍රාප්තිකයින් පිළිබඳ සොයාබැලීමේ දී වෙෂින්ටන් එක්සැමිනර් සඟරාව වාර්තා කර තිබුණේ; පිලිපීනයේ කාදිනල් ලුයිස් ටැගල්, ප්‍රංශයේ කාදිනල් ජීන්-මාක් ඇවලීන් සහ ඉතාලියේ කාදිනල් පියෙට්‍රෝ පැරොලින් වැනි ප්‍රමුඛයින් සමඟ කාදිනල්
මැල්කම් රංජිත්ගේ නම ද ඇතුළත් බවයි.

USA Today ඇමරිකානු පුවත්පත ද මේ සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක, කාදිනල්වරුන් වන මැටියෝ සුප්පි, ගෙර්හාර්ඩ් මුලර්, රොබට් සාරා සහ රේමන්ඩ් බර්ක් ඇතුළු ගෝලීය තරඟකරුවන්ගේ ලැයිස්තුවට කාදිනල් මැල්කම් රංජිත් ද ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම වොෂින්ටන් ටයිම්ස් පුවත්පත කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සාම්ප්‍රදායික ස්ථාවරය, විශේෂයෙන් ලතින් ආගමික වතාවත් සඳහා ඔහුගේ සහයෝගය සහ සමලිංගික විවාහවලට එරෙහි වීම ඉස්මතු කරමින්, ගතානුගතික හඬවල් අතරට ඔහුව ස්ථානගත කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර වාර්තා කිහිපයක කාදිනල් මැල්කම් රංජිත් ඇතුළත් කිරීම, විශේෂයෙන් යුරෝපයෙන් පිටත නායකත්වය කෙරෙහි අවධානය යොමු වන අවස්ථාවක, කතෝලික පල්ලිය තුළ ඔහුගේ ස්ථාවරය පිළිබඳ වර්ධනය වන පිළිගැනීමක් පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත් මීළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා සමුළුව පැවැත්වෙන දිනය වතිකානය විසින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25