මීරිගම රෝහලේ දරු ප්‍රසූති අංශය වැසී ගිහිං? – නිර්වින්දන වෛද්‍ය පුරප්පාඩුව හේතුවයි

මීරිගම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් එහි නව ජන්ම ඒකකය ද වැසී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 08 දෙනෙකු සේවය කළ ද ප්‍රමාණවත් තරම් වූ කාර්‍යය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය සේවා අංශවල කටයුතු අඩාල වී ඇති බවයි.

වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට ද ලක් නොවී ප්‍රධාන පෙළේ රෝහලක් මෙලෙස වැසී යාමේ තර්ජනයකට මුහුණ පෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිස්තැන් යළි යළිත් පෙන්නුම් කරවන සිදුවීමක් වී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති මහාචාර්‍යය ක්‍රිෂාන්ත අබේසේනට ද යොමු වී තිබුණු අතර ඔහු ඇතුළු පිරිසක් ඊයේ (25) මීරිගම රෝහලේ හදිසි නිරීක්ෂණයකට පැමිණ තිබුණා.

රෝහලේ මේ වනවිට ද (ජුනි 26) කටයුතු කරන්නේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයෙකු බැවින් ඉදිරියේ දී මෙම ගැටලු විසඳා කඩිනමින් ස්ථිර අධ්‍යක්ෂවරයෙකු ද රෝහලට පත් කර, පවතින රෝහල් ගැටලු ද විසඳීමට තමන් කටයුතු කරන බවයි සභාපති මහාචාර්‍යය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙහිදී කියා සිටියේ.

මෙම අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි වතුපිටිවල රෝහලට යාමට ද සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?