මීරිගම රෝහලේ දරු ප්‍රසූති අංශය වැසී ගිහිං? – නිර්වින්දන වෛද්‍ය පුරප්පාඩුව හේතුවයි

මීරිගම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් එහි නව ජන්ම ඒකකය ද වැසී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 08 දෙනෙකු සේවය කළ ද ප්‍රමාණවත් තරම් වූ කාර්‍යය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය සේවා අංශවල කටයුතු අඩාල වී ඇති බවයි.

වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට ද ලක් නොවී ප්‍රධාන පෙළේ රෝහලක් මෙලෙස වැසී යාමේ තර්ජනයකට මුහුණ පෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිස්තැන් යළි යළිත් පෙන්නුම් කරවන සිදුවීමක් වී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති මහාචාර්‍යය ක්‍රිෂාන්ත අබේසේනට ද යොමු වී තිබුණු අතර ඔහු ඇතුළු පිරිසක් ඊයේ (25) මීරිගම රෝහලේ හදිසි නිරීක්ෂණයකට පැමිණ තිබුණා.

රෝහලේ මේ වනවිට ද (ජුනි 26) කටයුතු කරන්නේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයෙකු බැවින් ඉදිරියේ දී මෙම ගැටලු විසඳා කඩිනමින් ස්ථිර අධ්‍යක්ෂවරයෙකු ද රෝහලට පත් කර, පවතින රෝහල් ගැටලු ද විසඳීමට තමන් කටයුතු කරන බවයි සභාපති මහාචාර්‍යය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙහිදී කියා සිටියේ.

මෙම අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි වතුපිටිවල රෝහලට යාමට ද සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?