මීනගයා දුම්රිය පීලිපැනීම යථා තත්ත්වයට පත් කෙරේ – වන අලීන්ගේ මළසිරුරු ඉවත් කිරීමටත් පියවර (වීඩියෝ)

වනඅලි රංචුවක් ගැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූ මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ 141 වැනි සැතපුම ආසන්නයේ මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පෙරේදා (19) රාත්‍රී 11-12ත් අතර කාලයේ දී ගල් ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතර දී අටදෙනෙකුගෙන් යුත් අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

එම අනතුරින් වනඅලි හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

තවත් දෙදෙනකු හට එම ස්ථානයේ සිට ම වනජීවී සහ පශු වෛද්‍ය නිලධාරීන් එක්ව ප්‍රතිකාර කටයුතු සිදු කළා.

මෙම අනතුරත් සමග මීනගයා දුම්රිය පීලිපැනීමකට ද ලක් වුණා.

අද (21) උදෑසන සිට යළිත් ගල් ඔය දුම්රිය ස්ථානයේ සිට මඩකලපුව බලා උදෑසන දුම්රිය ධාවන කටයුතු ආරම්භ වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මියගිය වන අලින්ගේ මළසිරුරු අද දින ඉවත් කිරීමට වනජීවී නිලධාරීන් පියවර ගන්නා බව ද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?