මීනගයා දුම්රිය පීලිපැනීම යථා තත්ත්වයට පත් කෙරේ – වන අලීන්ගේ මළසිරුරු ඉවත් කිරීමටත් පියවර (වීඩියෝ)

වනඅලි රංචුවක් ගැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූ මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ 141 වැනි සැතපුම ආසන්නයේ මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පෙරේදා (19) රාත්‍රී 11-12ත් අතර කාලයේ දී ගල් ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතර දී අටදෙනෙකුගෙන් යුත් අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

එම අනතුරින් වනඅලි හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

තවත් දෙදෙනකු හට එම ස්ථානයේ සිට ම වනජීවී සහ පශු වෛද්‍ය නිලධාරීන් එක්ව ප්‍රතිකාර කටයුතු සිදු කළා.

මෙම අනතුරත් සමග මීනගයා දුම්රිය පීලිපැනීමකට ද ලක් වුණා.

අද (21) උදෑසන සිට යළිත් ගල් ඔය දුම්රිය ස්ථානයේ සිට මඩකලපුව බලා උදෑසන දුම්රිය ධාවන කටයුතු ආරම්භ වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මියගිය වන අලින්ගේ මළසිරුරු අද දින ඉවත් කිරීමට වනජීවී නිලධාරීන් පියවර ගන්නා බව ද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46