මීනගයා දුම්රියේ දී අත් බෑගයක් සොරකම් කළ සොරා අත්අඩංගුවට

වයස අවුරුදු දෙකහමාරක් වන ආබාධිත දරුවෙකුගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන සායනික පොත්පත්, ලිපිලේඛන, රන් භාණ්ඩ, මුදල් හා ජංගම දූරකථනය ඇතුළු වටිනාකමින් රුපියල් 320,000ක් පමණ වටිනා දේපොළ ඇතුළත් අත් බෑගයක් සොරාගත් පුද්ගලයෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිය ආබාධිත දරුවාගේ සායනික කටයුතු වෙනුවෙන් කොළඹට ගොස් එම කටයුතු නිමා කර, රාත්‍රී මීනගයා දුම්රියෙන් යළි පොළොන්නරුව බලා ගමන් ගනිමින් සිටි පොළොන්නරුව – ලක්ෂ උයන ප්‍රදේශයේ පදිංචි යුවලක් සතුව තිබූ අත් බෑගයක් බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගමන් ගත් පුද්ගලකු විසින් අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේ දී එම සොරකම සිදුකර ඇතැයි පොලිසිය පැවසුවා.

ඒ අනුව විමර්ශන සිදු කළ ගල්නෑව පොලිසිය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පලාගල – නෙල්ලියගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අද (25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?