මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තිදෙනෙක් කොටු

පසුගිය 14 වනදා මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා මීගොඩ සහ හෝමාගම යන ප්‍රදේශවල දී ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පාදුක්ක සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් 22, 26 සහ 38 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් එක් පුද්ගලයෙක් වෙඩික්කරු සමඟ පැමිණි අයෙක්වන අතර, අනෙක් දෙදෙනා ආපරාධය සිදුකිරීමට ආධාර අනුබල දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ වෙඩික්කරු සහ තවත් සකකරුවක් පසුගිය 19 වනදා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් කටයුතු කර තිබූ අතර, ඔවුන්ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව මෙම සැකකරුවන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 14 වනදා රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 32 හැවිරිදි එක් දරු පියෙක් මිය ගියා.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ දී ඔහුගේ වයස අවුරුදු එකහමාරක් වූ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?