මීගමුව නගරයේ අද (30) පෙරවරුවේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී උපාය දූතයෙකු යොදවා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙන් දෙදෙනෙක් මීගමුව නගරයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිරි පිටට ගෙනවාගෙන තිබෙනවා.
එලෙස පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් විසින්, ඔවුන් පැමිණි වාහනයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අනතුරට ලක්කර පලායාමට උත්සාහකර ඇති බවයි වාර්තා වුණේ.
එම අවස්ථාවේ පොලිසිය විසින් එම වහනයට වෙඩි තැබීමක් සිදුකර ජාවාරම්කරුවන් පාලනය කර අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මතුගම සහ බඩල්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසියට සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම අතර තුර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.













