මීගමුවේ වෙඩි තැබීමක් (වීඩියෝ)

මීගමුව – දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (03) දහවල් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප කළ විමසීමක දී තහවුරු කළේ.

වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට දුන්ගල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත මීගමුව – ලෙල්ලම මාර්ග බාධකය අසල දී යතුරුපැදියක් නවත්වන ලෙසට පොලිසීය නියෝග කර තිබෙනවා.

නමුත් එම යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීමේ දී එය ඉදිරියෙන් ආ ලොරි රථයක ගැටී ඇති බවත්, පොලිස් අණ නොතකා පලා යාමට උත්සාහ කිරීම හේතුවෙන් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

එම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?