මිහින්තලේ හාමුදුරුවෝ සී.අයි.ඩීයේ ගොනුකළ පැමිණිල්ල අතුරුදන්

තමන් මීට මාස කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන ලිපි ගොනු මේවන විට අස්ථානගත වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

අද (31) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මෙලෙස තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල අස්ථානගතවීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක බව ද උන්වහන්සේ මෙහිදී සඳහන් කර සිටියා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට මරණීය තර්ජන සිදුකර කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනුකර තිබූ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට දේශපාලනීකරණය වී ඇති බවත්, මෙවැනි ආකාරයෙන් පැමිණිලි අස්ථානගතවීම හරහා එම දෙපාර්තමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටී ඇති බවත් උන්වහන්සේ පැවසුවා.

කෙසේ වෙතත් තමන්ට එල්ල වූ මරණීය තර්ජන, කප්පම් ඉල්ලීම සහ තමන්ට අපහාසවන ආකාරයට ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝපට සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ ගොනුකරන බවයි මිහින්තලේ විහාරාධිපති නා හිමියන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29