මිලෙන් අධික විද්‍යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකුට ලක්ෂ 05ක දඩ

මිලෙන් අධික විද්‍යුත් දුම්වැටි තොගයක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; පෙරේදා (05) අලුයම 01ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එම ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන්
සැකකාර මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.

මෙම සැකකරු සූක්ෂ්ම අන්දමින් මෙරටට ගෙනා විද්‍යුත් දුම්වැටි 1105ක් ගුවන් තොටින් එළියට රැගෙන යාමට උත්සාහ කිරීමේ දීයි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් හෙතෙම අත්අඩංගුවට ගනු ලැබුවේ.

අදාළ විද්‍යුත් දුම්වැටි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් විසිලක්ෂ හැටදහස් හයසිය තිස්හයක් බවටත් හෙළි ව තිබෙනවා.

සැකකාර ගුවන් මගියා මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි හෙළි ව ඇත්තේ.

රේගු පරීක්ෂණයෙන් අනතුරුව නියම කර ඇත්තේ විද්‍යුත් දුම්වැටි තොගය රාජ සන්තක කර මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ගෙවන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08