AFC Banner
AFC Banner
Empty Ad

මිලියනයකට ආසන්න පිරිසක් නෙළුම් කුළුණට

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කළ දින සිට මේ දක්වා මිලියනයකට ආසන්න ජනතාවක් එය නැරඹීමට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited පැවසුවේ මේ වන විට පුද්ගලයින් 960,775 දෙනෙකු කුළුණ නැරඹීමට පැමිණ ඇති බවයි.

ඔවුන් අතර විදේශීය ජාතිකයන් 18,709 ක් ද වනවා.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර නරඹන්නන්ට රාත්‍රී 10 දක්වා රැඳී සිටීමට අවසර ලබා දෙන බවයි සමාගම සඳහන් කළේ.

සති අන්තයේ උදේ 9 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර සති අන්තයේ මහජනතාවට නෙළුම් කුළුණේ රාත්‍රී 11දක්වා රැඳී සිටිය හැකියි.

මේ අතර නෙළුම් කුළුණට හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited අනතුරු අඟවා තිබෙනවා.

කුළුණ ආරක්ෂා කර ගැනීමට සහය වීම ජනතාවගේ යුතුකමක් බවයි සමාගම සඳහන් කළේ.

නෙළුම් කුළුණ කළමණාකරන සමාගම තහවුරු කළේ දේපළවලට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකු ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දැනටමත් විශාල නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවී ඇති අතර අමුත්තන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වරින් වර වැඩි මුදලක් එම නඩත්තු වෙනුවෙන් වෙන් කරන බව සමාගම ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?