මිලියනයකට ආසන්න පිරිසක් නෙළුම් කුළුණට

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කළ දින සිට මේ දක්වා මිලියනයකට ආසන්න ජනතාවක් එය නැරඹීමට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited පැවසුවේ මේ වන විට පුද්ගලයින් 960,775 දෙනෙකු කුළුණ නැරඹීමට පැමිණ ඇති බවයි.

ඔවුන් අතර විදේශීය ජාතිකයන් 18,709 ක් ද වනවා.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර නරඹන්නන්ට රාත්‍රී 10 දක්වා රැඳී සිටීමට අවසර ලබා දෙන බවයි සමාගම සඳහන් කළේ.

සති අන්තයේ උදේ 9 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර සති අන්තයේ මහජනතාවට නෙළුම් කුළුණේ රාත්‍රී 11දක්වා රැඳී සිටිය හැකියි.

මේ අතර නෙළුම් කුළුණට හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited අනතුරු අඟවා තිබෙනවා.

කුළුණ ආරක්ෂා කර ගැනීමට සහය වීම ජනතාවගේ යුතුකමක් බවයි සමාගම සඳහන් කළේ.

නෙළුම් කුළුණ කළමණාකරන සමාගම තහවුරු කළේ දේපළවලට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකු ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දැනටමත් විශාල නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවී ඇති අතර අමුත්තන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වරින් වර වැඩි මුදලක් එම නඩත්තු වෙනුවෙන් වෙන් කරන බව සමාගම ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56