නිරිත දිග මෝසම සක්රීය වීමත් සමඟ මේ වනවිටත් දිවයිනට අධික වැසි ඇදහැලෙමින් තිබෙනවා.
ඊයේ (01) පෙරවරු 8.30 සිට අද (02) පෙරවරු 7.00 දක්වා කාලය තුළ මිලිමීටර් 427.5ක වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින් වාර්තා වුණා.
ඊට අමතරව ඉංගිරියෙන් මිලිමීටර් 348ක් ඉක්ම වූ වර්ෂාපතනයක් ද අකුරැස්සක්, සාලාව, පාලින්දනුවර සහ දෙරණගල ප්රදේශවලින් මිලිමීටර් 250 ඉක්ම වූ වාර්ෂාපතනයන් වාර්තා වී තිබෙනවා.
මේ අතර අධික වර්ෂාවත් සමඟ කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා නිම්නවල පහත්බිම්වලට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කරනු ලැබුවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (01) රාත්රී සිට අද (02) පෙරවරු 10.00 දක්වා කාලය තුළ පුද්ගලයින් 06ක් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.