Update – මිලිමීටර් 400 වැඩි වැස්සක් – පුද්ගලයින් 06ක් ජීවිතක්ෂයට, දෙදෙනෙක් අතුරුදන් (වීඩියෝ)

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මේ වනවිටත් දිවයිනට අධික වැසි ඇදහැලෙමින් තිබෙනවා.

ඊයේ (01) පෙරවරු 8.30 සිට අද (02) පෙරවරු 7.00 දක්වා කාලය තුළ මිලිමීටර් 427.5ක වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින් වාර්තා වුණා.

ඊට අමතරව ඉංගිරියෙන් මිලිමීටර් 348ක් ඉක්ම වූ වර්ෂාපතනයක් ද අකුරැස්සක්, සාලාව, පාලින්දනුවර සහ දෙරණගල ප්‍රදේශවලින් මිලිමීටර් 250 ඉක්ම වූ වාර්ෂාපතනයන් වාර්තා වී තිබෙනවා.

මේ අතර අධික වර්ෂාවත් සමඟ කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා නිම්නවල පහත්බිම්වලට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කරනු ලැබුවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (01) රාත්‍රී සිට අද (02) පෙරවරු 10.00 දක්වා කාලය තුළ පුද්ගලයින් 06ක් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46