AFC Banner
Empty Ad
Empty Ad

මිලාන් මංගල ටෙස්ට් කඩුල්ල දවාගනිද්දී එංගලන්ත පළමු ඉනිමට ශතකයක්

ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත පිතිකරු ජේමි ස්මිත් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඔහු මෙම ශතකය රස කළේ පන්දු 136කට මුහුණ දෙමින්.

ඔහුගේ මෙම ශතකයට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මේ අතර මෙම තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, එංගලන්ත ඉනිමේ 07 වන කඩුල්ල ලෙස ලකුණු 20ක් ලබාගෙන සිටි ගස් ඇට්කින්සන්ගේ කඩුල්ල දවා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 236ට පිළිතුරු වශයෙන් එංගලන්ත මේ වනවිට පළමු ඉනිම සඳහා කඩුලු 07ක් දැවී ලකුණු 312ක් රැස් කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?