මිලාන් මංගල ටෙස්ට් කඩුල්ල දවාගනිද්දී එංගලන්ත පළමු ඉනිමට ශතකයක්

ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත පිතිකරු ජේමි ස්මිත් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඔහු මෙම ශතකය රස කළේ පන්දු 136කට මුහුණ දෙමින්.

ඔහුගේ මෙම ශතකයට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මේ අතර මෙම තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, එංගලන්ත ඉනිමේ 07 වන කඩුල්ල ලෙස ලකුණු 20ක් ලබාගෙන සිටි ගස් ඇට්කින්සන්ගේ කඩුල්ල දවා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 236ට පිළිතුරු වශයෙන් එංගලන්ත මේ වනවිට පළමු ඉනිම සඳහා කඩුලු 07ක් දැවී ලකුණු 312ක් රැස් කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05