මිලාන්ගේ හා ධනාගේ අමිල වූ පිතිකරණයෙන් ශ්‍රී ලංකාව යාන්තමින් පළමු ඉනිමට හිස ඔසවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 236ක් රැස් කළා.

දේශීය වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වූ මෙම තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හි දීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ධනංජය ද සිල්වා විසින් ගනු ලැබූ පළමුව පිතිකරණය තෝරා ගැනීමට සර්ව සාධාරණයක් කිරීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ලකුණු 06ක්ව පවතිද්දී මුල් පෙළ කඩුලු 03ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 120 පමණ වන විට මුල් පෙළ කඩුලු 07ක් බිඳ වැටී තිබෙන ආකාරය දක්නට ලැබුණා.

ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ගේ දියාරු වූ පිතිකරණය යළි යළිත් පෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ජ්‍යේෂ්ඨ යැයි සැලකෙන දිමුත් කරුණාරත්න, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරන්නට එංගලන්ත වේග පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සේදී යද්දී අසීරුවෙන් එක් පැත්තක සිට මුක්කුවක් ගසා ගනිමින් ඉනිම ගොඩගන්නට හුදෙකලා සටනක නිරත වූ ධනංජය ද සිල්වා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය 15 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74ක් රැස් කළා.

කෙසේවෙතත් ස්ථානගත කිරීම්හි අවසානයට පැමිණ, සිය ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මිලාන් රත්නායක ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා විලාසය පෙන්නුම් කරමින් මංගල තරගයේ දී ම එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබන්නට ද සමත් වුණේ හුදෙකලා සටනක නිරත වූ නායක ධනංජයගේ පිතිකරණයට තල්ලුවක් දෙමින්.

ධනා හා මිලාන් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236ක් දක්වා ඔසවා තැබීමට සමත් වුණා.

මිලාන් රත්නායක දැවී යන විට හයේ පහර දෙකක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 72ක් ලබා සිටියා.

එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී අංක 09 පිතිකරුවෙකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කියන්නට නවක ක්‍රීඩක මිලාන් ඊයේ සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ශොයිබ් බෂීර් එක්ව කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර ඇට්කින්සන් කඩුලු 02ක් සහ වුඩ් එක් කඩුල්ලකට ද වග කීමට සමත් වුණා.

ඊයේ දිනය නිමාවට පත් වන විට එංගලන්තය සිය පළමු ඉනිම පන්දුවට පහරදීමට අරඹා තිබූ අතර ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබාගෙන සිටියා.

පිටියෙහි පළමු කඩුල්ලට රැඳී සිටින්නේ Ben Duckett සමගින් Dan Lawrence.

අද තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
8
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?