මිරිහානේ ගෝඨාභයගේ ගෙදර වටලන එක ගැන බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුණේ නෑ – නීතිපති

2022 වසරේ අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති උද්ඝෝෂණ හා කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව නීතිපතිවරයා ඊයේ(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම උද්ඝෝෂණවල දී තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහි ව අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ විභාගයට ගත් අවස්ථාවේ දී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මේ බව කියා සිටියා.

මෙම පෙත්සම් ඊයේ විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුලින්ම අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ ආකාරය විස්තර කර සිටියා.

එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළ ව බුද්ධි අංශවලට තොරතුරු ලැබූ තිබුණේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ එවැනි බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරයා විසින් මෙම උද්ඝෝෂණයට අදාළ වීඩියෝ පට විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කරමින් කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණා.

2022 වසරේ මාර්තු මස 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවල දී තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?