මිරිහානේ ගෝඨාභයගේ ගෙදර වටලන එක ගැන බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුණේ නෑ – නීතිපති

2022 වසරේ අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති උද්ඝෝෂණ හා කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව නීතිපතිවරයා ඊයේ(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම උද්ඝෝෂණවල දී තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහි ව අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ විභාගයට ගත් අවස්ථාවේ දී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මේ බව කියා සිටියා.

මෙම පෙත්සම් ඊයේ විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුලින්ම අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ ආකාරය විස්තර කර සිටියා.

එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළ ව බුද්ධි අංශවලට තොරතුරු ලැබූ තිබුණේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ එවැනි බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරයා විසින් මෙම උද්ඝෝෂණයට අදාළ වීඩියෝ පට විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කරමින් කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණා.

2022 වසරේ මාර්තු මස 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවල දී තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

  1. කරුණාකරලා මෙම ප්‍රවෘත්තියේ තියෙන වචනයක් නිවැරදි කරන්න කැමතියි 2022 මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂගේ ගේ ඉස්සරහ හිටපු මිනිස්සු අරගල කාරයො උනෙ කොහොමද අපි එ වෙනකොට කියන වචනයවත් දැනං හිටියේ නෑ.වෘත්තියක් දාද්දී පොඩ්ඩක් හොයලා බලලා දාන්න මොකද ඕගොල්ලෝ මේ පාවිච්චි කරන වචන නිසා ගොඩක් මිනිස්සු අමාරුයි වැටෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49