මිය ගිය මව ගැන හදවත කම්පාකල සාක්ෂිය

මාස එකහමාරක සිට එක්තැන්ව සිටි මව මිය යනතුරුත් රැක බලාගත් උපතේ සිට එක්තැන්ව සිටින වැඩිමල් සහෝදරියට කවා, පොවා, නාවා රැක බලා ගන්නා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් පිළිබඳ පුවතක් ඊයේ (28දා) කෑගල්ල මහ රෝහලේදී වාර්තා විය.

වරකාපොළ පොලිස් වසමේ බෙලිගල, හෑලියගොඩ ග්‍රාමයේ පදිංචිව සිටින වර්ණකුලසූරියගේ අවිශ්ක පුෂ්ප කුමාර නමැති 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයාගේ පියා වර්ණකුලසූරියගේ අබේරත්නය. මව ගණිතයලාගේ සෝමලතාය. ඇගේ වයස අවුරුදු 58කි. මෙම මවුපියන්ට දරුවන් සිවු දෙනෙකි. පිළිවෙළින් වයස අවුරුදු 24ක පිරිමි දරුවෙක්, වයස අවුරුදු 22ක උපතේ සිට එක්තැන්ව සිටින දියණියක්, 18 හැවිරිදි අවිශ්ක පුෂ්ප කුමාර හා 16 හැවිරිදි වියේ පසුවන දැනට ගලිගමුව, දෙඹටන්පිටිය ශ්‍රී චන්‍ෙදා්දය පිරිවෙන් විහාරස්ථානයේ පැවිදිව වැඩ සිටින හිමි නමක් මෙම දරුවන්ය. 

වැඩිමල් පිරිමි දරුවා පසුව හමුදාවට බැදී කලක් සේවය කොට පසුව ඉන් ඉවත් වී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නිවෙසේ කල් ගත කරමින් සිට තිබිණි. 

වැඩිමල් පිරිමි දරුවා නිවෙසේ කාලය ගත කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කර නිවෙසට පැමිණ මීට මාස එකහමාරකට පමණ ඉහතදී මවගේ උදරයට පහරදී ඇති බවත් එදා සිට මව එක්තැන්ව ඇඳේ සිට තිබේ. මේ පිළිබඳව 18 හැවිරිදි පිරිමි දරුවා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් දන්වා තිබිණි. පසුව මත්ද්‍රව්‍ය පානය කිරීම සම්බන්ධයෙන් වැඩිමල් පිරිමි දරුවා වරකාපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පුනරුත්ථාපනයට යොමු කොට ඇති බව පොලිසිය කියයි. පසුව නිවෙසේ සිට ඇත්තේ එක්තැන්ව සිටින මවත් උපතේ සිට එක්තැන්ව සිටින 22 හැවිරිදි දියණිය හා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයාත් පමණි. මාස එක හමාරක කාලයක් මවත් එක්තැන්ව සිටින වැඩිමල් සහෝදරියත් උයා පිහා පිරිසුදු කර රැක බලා ගෙන ඇත්තේ මෙම 18 හැවිරිදි අවිශ්ක පුෂ්ප කුමාර නමැති පාසල් ශිෂ්‍යයා බව පොලිසිය කියයි. 

පෙරේදා (27දා) ඔහු බලා සිටියදීම පාන්දර දෙකට පමණ මව මිය ගොස් තිබිණි. පසුව තරුණයා අසල්වැසියන්ට දන්වා වරකාපොළ පොලිසියට පැමිණ පැමිණිල්ල කර වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා හා වරකාපොළ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඩී.ජී. කරුණාතිලක, කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිමඩුගේ නිලධාරියා ඇතුළු කණ්ඩායමක් අදාළ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු කර දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල මහ රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබිණි. 

ඊයේ (28දා) පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට ගිය කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී දැනට පුනරුත්ථාපන වන වැඩිමල් සහෝදරයා මීට මාස එකහමාරකට ඉහතදී සිය මවගේ උදරයට පයින් පහර දුන් බවත් මව ඇඳට වැටුණු පසු එම ඇඳද ඔසවා පොළොවේ ගැසූ බවත් එදා සිට අම්මා එක්තැන්ව මිය යන තෙක් ඇඳේ සිටි බවත් පැවසීය. 

වෛද්‍යවරිය පශ්චාත් මරණ පරීක්ෂණය තාවකාලිකව නවතා දමා අධිකරණයෙන් නියෝගයක් රැගෙන එන ලෙස වරකාපොළ පොලිසියට දැන්වූවාය. 

වරකාපොළ පොලිසිය වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් 28දා දහවල් ලබාගෙන තිබුණු අතර එදින සවස දේහය සම්බන්ධයෙන් එක්ස්රේ පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබිණි. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (29දා) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්වීමට නියමිතය. 

වරකාපොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අනුරපක්ෂ, උප පොලිස් පරීක්ෂක වන ඩබ්ලිව්.පී.ඩී.ජී කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක ගුණරත්න යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයා පොලිසිය හමුවේ මෙසේද පැවසීය.

“මගේ තාත්තා මේසන් අත් උදවුකරුවෙක් ලෙස රැකියාව කළා. වෙන්නප්පුව ප්‍රදේශයේ රැකියාව සිදු කරද්දී කොස් කඩන්න ගිහිල්ලා ගහකින් වැටිලා සුෂුම්නාව බිඳිලා අවුරුදු 5ක් පමණ නිවෙසේ ඉඳලා 2019 වර්ෂයේ මිය ගියා. ලොකු අයියා ආමි එකේ ඉඳලා ඇවිල්ලා දැන් පුනරුත්ථාපනය කරන්න දාලා ඉන්නවා. බාල මල්ලී මහණ වෙලා ගලිගමුවේ පන්සලක වැඩ ඉන්නවා.

ගෙදර හිටියේ මමයි උපතේ ඉඳලා යන්න එන්න බැරි අක්කයි, අම්මයි විතරයි. අක්කාට මාසයකට රුපියල් 5000ක් ලැබෙනවා. ඒ සල්ලිවලින් අම්මටයි අක්කාටයි පුළුවන් විදිහට බඩු මුට්ටු කඩෙන් ගෙනල්ලා උයලා පිහලා කන්න දෙනවා. දෙන්නාගේ හැම දෙයක්ම කළේ මමයි. අම්මයි, අක්කයි එක කාමරයේ තියාගෙන සෑමදාම එළිය වැටෙනකම් මම ඇහැරගෙන ඉන්නවා. අම්මා පෙරේදා (27දා) පාන්දර 2ට පමණ මිය ගියා” යැයිද පැවසීය.

 

දමුණුපොළ – චමින්ද ජයලත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27